ඉන්ස්ටග්‍රෑම් එකේ කවි ලියන ලෝයර් මහත්තයා

සමහර දේවල් දැකල අපිට මිනිස්සුන්ගේ තරා තිරම මැනගන්න බැහැ කියන එක අපි කාටත් හොද නිදසුනක් වගේම , හැමෝටම අත්දැකීම් ඇති කියල මන් හිතනවා. අපිට අද හම්බුනා ඉන්ස්ටග්‍රෑම් හරහා කවි ලියල ප්‍රසිද්ධ වුන නීතිඥ මහත්මයෙක් , ඉතින් අපි හිතුව ඔහු එක්ක ටිකක් කතා කරලා බලන්න

ඉතිං ඉසුරු මොකද වෙන්නේ මේ දවස්වල ?

දැන් නම් ඉස්සරට වැඩ කාර්යබහුලයි, වෘත්තීය වඩා වලට අමතරව අරගලයේ වැඩයි මගේ පෞද්ගලික වැඩයි හැමදේම එකතු වෙලා නේ

ඉන්ස්ටග්‍රෑම් එකේ කවි ඉසුරු කියල ප්‍රසිද්ධයි කියල ආරංචි ?

ඔව් ඉන්ස්ටග්‍රෑම් එකේ නම් ගොඩක් අය මාව දන්නේ නීතිඥවරයෙක්ට වඩා කවි ලියන්නෙක් විදියට. 2016 ඉදන් වගේ ඉන්ස්ටග්‍රෑම් එකේ කවි ලියනවා විනෝදාංශයක් වශයෙන්

අපි දැක්ක ගිය ටිකේම ” ගෝටා ගමේ ” ඉන්නවා ?

රට වෙනුවෙන් අපේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් පුළුවන් උපරිම දේ කරන්න තමයි මම එතනට ගියේ. මට හිතනවා නීතිඥවරු ජනතාව පැත්තෙන් හිට ගත්ත නිසා අරගලයට ලොකු පන්නරයක් ලැබුණා කියල

නීති වැඩත් එක්ක වෙලාවක් තියනවද ගෝටා ගමට හැමදාම යන්න ?

කරියබහුල තත්ත්වයත් එක්ක දවස ගානේ නම් , එතනට යන්න බැරි වුණා මේ දවස් වල. හැබැයි පුළුවන් හැම වෙලාවේම මම එතනට යනවා. මම මොන වැඩේ කරත් , හිත තියෙන්නේ එතන

දැන් කවි ලියන එක නතර කරලා ද ?

අපෝ නෑ.. කවි ලියන එක දිගටම කරනවා. කවි කියන්නේ මට මානසික නිදහසක් , හැගීම් එළි දක්වන මාධ්‍යයක්

කවි රසිකයන්ගේ ප්‍රතිචාර එහෙම කොහොමද ?

හැමදාමත් ඒ ආදරේ අඩුවක් නැතුව තියනව. ඒක වෙනම අත්දැකීමක්

ආරංචියක් තියනවා කවි රසිකාවියක් ඉසුරු කවියා ගැන වැඩි අදහසක් තියනවා කියල ?

කවි රසික රසිකාවියෝ ගොඩක් මගේ කවි වලට ආදරෙයි , කැමති.. එතනින් එහාට දෙයක් ගැන නම් මමත් දන්නේ නැහැ

අරගලය ගැන කතා කරපු නිසා මට ඇත්තටම ප්‍රශ්නයක් ආවා , ඇත්තටම ඉස්සරහට අරගලය නැති වෙයි ද ?

අරගලය කියන්නේ හැමදාමත් මිනිස්සුන්ගේ හිත් වල තිබ්බ දෙයක්. මේ පාර වෙනසකට වුණේ , මිනිස්සු එළියට ඇවිත් අරගලය කරපු එක. අරගලය නැති වෙන්න නම් මිනිස්සුන්ගේ දුක නැති වෙන්න ඕනි. මිනිස්සුන්ගේ දුක තියනකන් අරගලය හැමදාම තියේවී..

කළින් වගේ මිනිස්සුන්ට තිබ්බ මොරාල් එක , දැන් අඩු වෙලා නේද ?

එහෙම දෙයක් නම් නැහැ , එත් කළින්ට වඩා දැන් මිනිස්සුන්ට ප්‍රශ්ණ වැඩි.. රස්සාවට යනවට වඩා මිනිස්සු තෙල් පෝලිම් වල. ගෑස් පෝලිම් වල .
දැන් මිනිස්සුන්ගේ මොරාල් එක වෙලා තියෙන්නේ ගෑස් එකක් ගන්න , තෙල් ටිකක් ගහ ගන්න එක , එහෙම බලද්දී පව් ඉතින් අපි හැමෝම

අපේ අහිංසක මිනිස්සුන්ට මොන හරි පණිවිඩයක් කියන්න තියනවද ?

කියන්න නම් ගොඩක් දේවල් තියනවා. එත් කෙටියෙන් සරළව මෙහෙම කියන්නම්
අපි හැමෝම එකතු උන දවසට ඕනිම අභියෝගයක් ජය ගන්න පුළුවන්. එකමුතුකම වගේම සමගිය හැමවෙලේම රකින්න

අපිත් එක්ක ඔබේ වටිනා කාලයෙන් පොඩි වෙලාවක් වෙන්කර ගත්තාට බොහොම ස්තුතියි ! අපේ රටේ ජනතාව සමග පෙනී සිටි ඔබතුමාටත් , ඔබ වැනි නීතිඥවරු සියළු දෙනාටත් අපේ ප්‍රණාමය පුද කරනවා

බොහොම ස්තුතියි , මාවත් සම්බන්ධ කර ගත්තට , ඔයාගේ වැඩ කටයුතු ටිකත් සාර්ථකව කර ගන්න පුළුවන් වෙන්න කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා

සටහන : ධනුජය රත්නායක