තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව විදුලිය ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙන ලෙස විදුලි බල පනත හෙට (09)දිනයේ සංශෝධනය කිරීමේ සූදානමට විරුද්ධව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, කෙටුම්පත හෙට අනිවාර්යෙන් සම්මත කරගන්නා බවයි.
මේ සංශෝධනයට විරුද්ධවන්නේ ඩීසල් බලාගාර වෙනුවෙන් පෙනී සිටින ඉංජිනේරුවන් කිහිප දෙනෙකු පමණක් බවයි.
මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසන්නේ, අප්‍රේල් මස 29 වනදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයෙන් පසුව හෙට දිනයේම සම්මත කරගැනීමට සූදානම් වන බවයි.

