අද කතා කරන්න යන්නේ සයිබර් අවකාශයේ බොහෝ දෙනා අතර ප්රසිද්ධ concept artist කෙනෙක් ගැන. ඒ තමයි නමින් චන්දිම ලක්ශාන්. අම්මයි , තාත්තයි අක්කයි චන්දිමයි තමයි පවුලේ ඉන්නේ. ජීවත් වෙන්නේ රත්නපුර දිස්ත්රිකයේ. මොහු ඉතාමත් දක්ෂයෙක් වුවත් අපිට වගේ මෙයාට කතා කරන්නවත් , ඇහෙන්නේවත් නැහැ. හැබැයි චන්දිමගේ හීන වලට යන්න නම් එයාගේ අඩුපාඩු කිසිම ප්රශ්ණයක් කරගත්තේ නැහැ.
ඉතිං චන්දිම කරන අමුතු අමුතු වැඩ නිසා මිනිස්සුන් අතරට යන්න කිසිම අමාරුවක් වුණේ නැහැ කියලයි මගේ විශ්වාසය. ඒකට හේතුව තමයි මෙයා අන්තර්ජාලයට මුදාහරින ඡායාරූප අතිශයින් තාත්වික වීම. ඒ ඡායාරූප වල පෙනී සිටින්නේත් මොහු සහ ඒවා සංස්කරණය කරන්නෙත් මොහුමය යන කරුණු විශේෂයෙන් කිය යුතුමයි. චන්දිම මේ වෙද්දී වෘත්තිමය ඡායාරූප ශිල්පයෙක් විදියට කටයුතු කරනවා. ඕනෑම කෙනෙකුට ඔහුව කෙටි පණිවිඩයක් මගින් සම්බන්ද කර ගන්න පුළුවන්. මං ඔහුගේ දුරකථන අංකය පහළින් දාන්නම්. ඇත්තටම අපි විදේශ රටවල සිටින පුද්ගලයන් මේ වගේ ඡායාරූප සංස්කරණය කරල තියනවා ගොඩක් දැකලා තිබ්බත් අපේ ලාංකිකයෙක් මෙවැනි නිර්මාණ කරලා තියනවා දැක්කම පුදුම සතුටක් වගේම අපි අනිවාර්යෙන් අගය කරන්නත් ඕනි. ඒ වගේ තමයි , අපේ කොල්ලෝ කෙල්ලන්ට චන්දිමගෙන් ලොකු ආදර්ශයක් ගන්න තියනවා ඒ තමයි අපිට කිසිදෙයක් බැරි නැහැ , උත්සාහය තියනවා නම් ඕනිම දෙයක් කරන්න පුළුවන්
ඔහුගේ දුරකථන අංකය 71 405 2375 (චන්දිම ලක්ෂාන් )
සටහන ධනුජය රත්නායක



























