ලංකාවේ රැකියා රැසක් අහිමිවීමේ ලකුණු

උද්ධමනය හේතුවෙන් ලංකාවේ රැකියා රැසක් අහිමිවීමේ අවදානමක් මේ වන විට මතුව පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවයි.

මෙම තත්ත්වය උද්ගත විය හැකි වන්නේ ව්‍යාපාර ආයතනවලට සිය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොලැබීම හේතුවෙනි.