ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

හිටපු මුදල් අමාත්‍ය අලි ෂබ්රි ගේ සහෝදරයකු වන මොහොමඩ් උවයීස් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අද වැඩ භාරගනු ලැබුවා.

තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරන්නේ නව සභාපතිවරයා අද උදෑසන ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලයේ දී සිය ධූරයේ වැඩ ආරම්භ කළ බවයි. කෙසේ වෙතත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් වුණා.