පෙම්වතා පෙම්වතියගේ නිවසට මෝටර් රථයෙන් කඩාවදී සියල්ල කුඩු කරයි

පෙම්වතිය විසින් ප්‍රේම සම්බන්ධතාවය නතර කිරීම හේතුවෙන් උරණවූ පෙම්වතා ඊයේ (03) රාත්‍රියේ පෙම්වතියගේ නිවසට සිය මෝටර් රථයෙන් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

පෙම්වතා සිය මෝටර් රථය ධාවනය කර පෙම්වතියගේ නිවසේ ගේට්ටුව කඩාදමා පසුව පිරිසක් සමග නිවැසියන්ට පහරදීමට තැත්කළ බව එම නිවැසියන් පවසයි. මෙම සිද්ධිය ඊයේ (03) රාත්‍රිය 10ට පමණ සිදුව තිබුණේ අනුරාධපුරය නගරයේ පෙම්වතියගේ නිවස ඉදිරිපිටදීය.

එහිදී පෙම්වතා විසින් පෙම්වතියගේ නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් ද කිහිපවරක් සිය මෝටර් රථයෙන් හප්පා දැඩි හානි සිදුකර තිබේ. පෙම්වතිය සඳහන් කළේ ඔහු සිය දෙමව්පියන්ව ද මෝටර් රථයට හප්පා ජීවිත හානි කිරීමට උත්සාහ කළ බවය.