අත්අඩංගුවට ගත් දුමින්ද සිල්වා බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට

අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර් දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දී තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා බන්ධනාගර නිලධාරීන් භාරයේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.