අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයක දී සහන සැලසීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා හෙළිකොප්ටර් යානා 09ක් සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සිදුකළ ඉල්ලීමකට අනුව ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් සුදානමින් තැබීමට ගුවන් හමුදාපති එයාර් මාර්ශල් සුදර්ශණ පතිරණ මහතා උපදෙස් ලබාදී ඇති බවය.
ඒ අනුව ආපදා තත්ත්වයන් පිළිබඳ ගුවනින් නිරීක්ෂණය කිරීම සඳදහා බීච් ක්‍රාෆ්ට් 200 වර්ගයේ ගුවන් යානා සුදානම් කර තිබේ.
සහන සැලසීමේ හා මෙහෙයුම් කටයුතු සඳහා රත්මලාන, හිකුරක්ගොඩ, පලාලි සහ අනුරාධපුර යන ගුවන් හමුදා කඳවුරු තුළ හෙළිකොප්ටර් යානා 09ක් සමඟ විශේෂ පුහුණුව ලැබු භට පිරිස් සුදානම් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

