කොරෝනා නිසා රතු නිවේදන – දින 18ට මරණ 337ක්

මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන ඊයේ (18) 1,000 ඉක්මවා ගියේය. ඒ, මරණ 34ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග ය.

කොරෝනා වසංගත තත්ත්වය ආරම්භ වීමෙන් අනතුරුව මේ දක්වා මෙරට තුළ මරණ 1,015ක් වාර්තා වී ඇති අතර මියගිය පුද්ගලයින්ගෙන් බහුතරය අවුරුදු 60ත් 75ත් අතර වයසේ පසුවන්නන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 623 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 392 දෙනෙකු කාන්තාවන් වේ.