තැපැල් කාර්යාල විවෘත වෙන වේලාවන් වෙනස් වේ

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ උප තැපැල් කාර්යාල විවෘත කිරීමේ කාලය සීමා කර තිබෙනවා.

ඒ අනුව උප තැපැල් කාර්යාල විවෘතව තැබෙන්නේ උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා පමණක් බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ.

මීට පෙර උපතැපැල් කාර්යාල උදෑසන 8.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තිබුණා.

සෙනසුරාදා දිනයේ උප තැපැල් කාර්යාල විවෘතව තැබෙන්නේ උදෑසන 9.00 සිට පස්වරු 1.00 දක්වා පමණක් බව ද ඔහු ප්‍රකාශ කළා.