මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත්‍රවලට අදාළව ලබාදෙන සේවාවන් සීමා කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ අලහකෝන් මහතා පවසයි.
ඒ අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ රියදුරු බලපත් අංශය සඳහා 2021.04.27 වනදා සිට 2021.05.13 වනදා දක්වා කාලය තුළ දහවල් 12.00න් පසු වේලාවක් ලබාදී ඇති සේවාලාභීන් සඳහා පහත ආකාරයට සේවා ලබාදෙන බව දැනුම්දෙයි.
එම දිනයන් සඳහා දහවල් 12.00ට පෙර වේලාවක් ලබාදී ඇති සේවාලාභීන්ට දැනට ලබාදී ඇති දිනම පෙරවරු 8.30ත් පස්වරු 3.00ත් දක්වා වූ කාලය තුළ වේරහැර කාර්යාලයට පැමිණ සේවා ලබාගත හැකිය.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සැපයීම ද කලින් වේලාව වෙන් කරවාගෙන සිදුකළ යුතු බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි.
ඒ අනුව සේවා ලාභීන්ට ඕනෑම දුරකථන ජාලයකින් 225 අංකය ඇමතීම මගින් ද ස්ථාවර දුරකථන මගින් 1225 ඇමතීම මගින් සහ ඊ චැනලින් සේවාව මගින් වේලාව වෙන් කරගත හැකිය.

