ගම්පහ, මිනුවන්ගොඩ, කළුතර, ත්‍රිකුණාමලය, දඹුල්ල රාත්‍රී 8.00 සිට Lockdown කරයි

අද(26) රාත්‍රී 8.00 සිට තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකළා(Lockdown) කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ පවසනවා.

ඔහු සදහන් කළේ, ඒ අනුව

  • ගම්පහ දිස්ත්‍රික්කය –

කොටදෙණියාව පොලිස් වසමේ පොල්හේන, හීරලු ගෙදර සහ කලුඅග්ගල ග්‍රාම නිලධාරී බල ප්‍රදේශ,

මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ, අස්වෙන්නවත්ත නැගෙනහිර.

  • කළුතර දිස්ත්‍රික්කය –

මීගහතැන්න පොලිස් වසමේ, මිරිස්වත්ත, පැලවත්ත නැගෙනහිර, පැලවත්ත උතුර යන ග්‍රාමසේවා වසම්,

  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය –

ත්‍රිකුණාමල පොලිස් බල ප්‍රදේශයේ බූම්බුහාර් ග්‍රාම නිලධාරී වසම ද හුදෙකළා කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

මීට අමතරව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ද හුදෙකළා කෙරෙනු ඇති.