බදුල්ලේ බැංකුවක සේවක පිරිසකට කොරෝනා

බදුල්ල නගරයේ රාජ්‍ය බැංකුව සේවක සේවිකාවන් 9දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පියල් පද්ම මහතා සඳහන් කළා.

එලෙස කොවිඩ් ආසාදනය වී ඇත්තේ, එම ශාඛාවේ ණය අංශය, ප්‍රධාන කාර්යාලයේ සේවක පිිරිසකටයි.

ඒ අනුව එම බැංකු ශාඛාවේ සෙසු බැංකු සේවක සේවිකාවන් සහ පවුල්වල සාමාජික සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.