රුපියලේ අගය ඉහළ යයි 1$=189/-

මෙතෙක් පැවති අගයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (19) රුපියල් 189 ක් ලෙස සඳහන් වුණා.

එහි ගැනුම් මිල රුපියල් 187.93 ක් ලෙසින් වාර්තා වන බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් පසුගිය අප්‍රේල් මස 15 වන දින ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් රුපියල් 204.62ක් ලෙස ඉහළ ගොස් තිබුණා.