ඉන්දියාවේ අඛණ්ඩව තෙවන දිනටත් දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්යාතව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ.
ගතවු පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 234,692 ක් වාර්තා වී ඇති අතර එය දිනක් තුළ එරටින් හඳුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වෙයි.
එමෙන්ම ඊයේ දිනයේ ඉන්දියාවේ කොවිඩ් මරණ 1,341 ක් සිදුව ඇති අතර මේ වසරේ දී දිනක් තුළ සිදුවූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ද එය වන බව සඳහන්ය.
වසංගත තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම මේ වනවිට සංචරණ කටයුතු අවම කිරීම සඳහා කොන්දේසි පනවා ඇති අතර පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එරට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අද පෙරවරුවේ ප්‍රාන්ත 11ක සෞඛ්‍ය අමාත්‍යවරුන් කැඳවා ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

