රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු 07ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊයේ සවස කොළඹ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ වෙළඳසැලකදියි.
අදාළ පුද්ගලයින් දෙදෙනා භාණ්ඩයක් මිලදී ගැනීමට රුපියල් 5,000 මුදල් නෝට්ටු ලබා දී තිබුණා.
එම මුදල් නෝට්ටු පිලිබඳ සැක සිතූ වෙළඳසැල් හිමියා පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව සිදු කළ පරීක්ෂණවලදී එම පුද්ගලයින් දෙදෙනා සතුව තිබී රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු 04ක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

