චීන කොවිඩ් එන්නත් තොගය දිවයිනට

චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ එන්නත් මාත්‍රා ලක්ෂ 06ක තොගය රැගත් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ එම ගුවන් යානය අද (31) පෙරවරු 11.28ට ගුවන්තොටුපොළ වෙත ළඟා වූ බව “අද දෙරණ“ වාර්තාකරු පැවසුවේය.