ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී

පන්නිපිටිය ප්‍රදේශයේදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද (30) දින නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.