සිංහල හින්දු අලුත් අවුරුදු සමය වන විට කුකුල් මස් කිලෝවක මිල රුපියල් 800 ඉක්මවා යා හැකි බව බිත්තර නිෂ්පාදකයන් පවසනවා.
සත්ත්ව ආහාර මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති නිසා සාමාන්‍ය නිෂ්පාදකයන් කුකුල් මස් සැපයීමෙන් ඉවත්වෙමින් සිටින බවත්, එය ප්‍රයෝජනයට ගෙන මහා පරිමාණ ව්‍යාපාරිකයන් පස්දෙනෙකු කුකුල් මස් මාෆියාව සියතට ගෙන සිංහල අවුරුද්දට කුකුල් මස් හිඟයක් මවා මිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බවත් ඔවුන් පෙන්වා දෙනවා.

