ගංජා ද්‍රාවණයක් ලෙස බීමට සෑදු අයෙක් කොටුවෙයි

තලංගම, පැලවත්ත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ගංජා ද්‍රාවණයක් ලෙස සකස් කර හෑෂ් ඔයිල් නමින් අලෙවි කිරීමේ යෙදුණු පුද්ගලයකු එම බෝතල් හයත් සමඟ තලංගම පැලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරනවා.

පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එම මත්ද්‍රව්‍යවල වටිනාකම ලක්‍ෂ විස්සකට අධික බවත් ගංජා ග්‍රෑම් 609 ප්‍රමාණයක් ද්‍රාවණයක් ලෙස සකස් කර “හෑෂ් ඔයිල්” මත්ද්‍රව්‍ය නමින් ජාවාරම සිදුකර ඇති බවත් වාර්තා වනවා.

සැකකරු වයස අවුරුදු 35ක ජයවඩනගම, වික්‍රමසිංහපුර, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තලංගම පොලිසිය වෙත භාරදී තිබුණා.