ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත පළමු මරණය වාර්තා වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල පොලිස් කොට්ඨාශයේ සේවයේ නියුක්තව සිටි 59 හැවිරිදි වියේ පසුවූ උප පොලිස් පරීක්ෂකවරයෙක්.
ඔහු පසුගිය 03 වනදා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මොණරාගල රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
එහිදී සිදුකළ PCR පරීක්ෂාවේදී ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ.
තිදරු පියෙකු වන මෙම උප පොලිස් පරීක්ෂකවරයා විශ්රාම යාමට ආසන්නව සිටියදීයි මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
ඔහුගේ අවසන් කටයුතු කොරෝනා මර්දන මාර්ගෝපදේශවලට අනුවයි සිදුකිරීමට නියමිතයි.

