ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 70,000 ඉක්මවයි

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 364ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 70,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 70,226කි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 878ක් බව සෞඛ්‍ය අංශ පවසති.