බස්නාහිර පාසල්වල අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

බස්නාහිර පළාතේ පාසල්වල අහඹු ලෙස තෝරාගත් සිසුන් සහ ගුරුවරුන් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා වන වැඩසටහන් මාලාවේ පළමු පියවර අද (01) ආරම්භ විය.

ඒ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේදීය.

එම ව්‍යාපෘතිය රාගම ලීසන්ස් රෝහල සහ මනුසත් දෙරණ ඒකාබද්ධව පවත්වනු ලබයි.

එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.