කියුබාවේ හොල්ගුයින් පළාතේ දී හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.
අදාළ හෙලිකොප්ටර් යානය හොල්ගුයින් පළාතේ කන්දක් මතට හදිසියේ කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහිදි යානයේ ගමන්ගත් පුද්ගලයින් පස් දෙනා මියගොස් තිබේ.
අනතුරට හේතුව කුමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කොමිසමක් පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

