කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හුදෙකලාභාවයට

කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අද (31) සිට දින පහකට හුදෙකලාභාවයට පත්කර තිබෙන බව මඩකලපුව දිස්ත්‍රික් දිසාපති කේ.කරුණාකරන් මහතා පවසනවා.

ඊයේ (30) දවස පුරා මඩකලපුව නගරයේ ඇති ව්‍යාපාරික ස්ථානවල සේවය කරන සේවකයින් හා හිමිකරුවන්ට කරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 549කින් 26 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

එයින් කාත්තාන්කුඩි ප්‍රදේශයේ ආසාදිතයින් 23ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ වන විට කාත්තාන්කුඩි ප්‍රදේශයෙන් ආසාදිතයින් ගණන 50ක් හඳුනා ගැනීමත් සමග කොවිඩ් වෛරසය පැතිරීම යෑම වැළක්වීම සඳහා අද සිට හුදෙකලාභාවයට පත්කර තිබෙනවා.