රත්මලානේ බේකරි කර්මාන්ත ශාලාවක පිරිසකට කොරෝනා

රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බේකරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පුද්ගලයන් 23කට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ, ඊයේ (20) දින එම කර්මාන්ත ශාලාව තුල සිදුකරන ලද හදිසි රැපිට්ඇන්ටිජන් පරීක්ෂණයට අනුවයි.

ඔවුන් කර්මාන්ත ශාලාවේ ගබඩා අංශයේ සේවකයින් බවයි වාර්තා වන්නේ.

එම හඳුනාගත් ආසාදිතයන් ප්‍රධාන ගබඩාව තුල සිට රටපුරා යන ලොරිරථ සඳහා ඇසුරුම් පෙටිටි තොග වශයෙන් ලබදෙන අය බවද සඳහන්.