ප්‍රංශ රූ රැජිණියකට ට්විටර් ප්‍රහාරයක්

2021 ප්‍රංශ රූ රැජිණ තේරීමේ තරඟයෙන් දෙවැනි ස්ථානය දිනාගත් තරුණියට සමාජ මාධ්‍ය ඔස්සේ අවමන් කෙරෙමින් ඇති බව වාර්තා වේ.

ඒ, ඇය ඊශ්‍රායල සම්භවයකින් පැවත එන තැනැත්තියක් බැවිනි. 

21 හැවිරිදි ඒප්‍රිල් බෙනායොවුම් තම ඊශ්‍රායල පසුබිම පිළිබඳ ව තරඟය අතරතුර පැවති සම්මුඛ සාකච්ජාවකදී හෙළිකළාය.      

ඒ සමගම, ට්විටර් ඔස්සේ ඇයට අපහාස වන අයුරින් විවිධ පුද්ගලයින් මත ප්‍රකාශ කර තිබුණි.

පසුව පුවත්පත් සාකච්ජාවකදී ඇය පවසා ඇත්තේ තමාට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවූ අපහාසාත්මක ප්‍රකාශ පිළිබඳ ව තම ඥාතීන් තමාව දැනුවත් කළ බවය.

“අපි ඉන්නේ 2020. මෙවැනි හැසිරීම් දැකීමට ලැබීම කණගාටුවට කරුණක්. නමුත් එයින් මම අධෛර්මත් වෙන්නේ නෑ.”

අපහාසාත්මක සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසීය.