සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 20,804ක් දක්වා ඉහළට

අද (07) දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 344 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 20,804ක් දක්වා ඉහළ ගොස් ඇත.