Online ක්‍රමයට අද සිට විශ්වවිද්‍යාලවල නවක සිසුන් ලියාපදිංචිය ඇරබේ

විශ්වවිද්‍යාලවල නවක සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු අද (23) සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සඳහන් කරනවා.

මෙම ලියාපදිංචි කිරීම් Online ක්‍රමයට පමණක් සිදුකිරීමට නියමිතයි.

ඒ සඳහා වන උපදෙස් ප්‍රතිපාදන කොමිසන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

නව අධ්‍යයන වර්ෂය (2019/2020) සඳහා සිසුන්41500 පමණ විශ්වවිද්‍යාලයලට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.