බස්නාහිර පළාතේ සහ කුරුණෑගල දිස්ත්රික්කයේ ඇතැම් පාසල් හැර සෙසු දිස්ත්රික්කවල බොහෝ පාසල් අද (23) දිනයේ ආරම්භ කෙරුණ ද සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවති බව වාර්තා වේ.
වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ 6000ක් පමණ ඉගෙනුම ලබන පාසල්වල අද දිනයේ පැමිණ ඇත්තේ 100කටත් අඩු පිරිසක් බවය.
කෙසේවෙතත් එම පාසල්වල සෞඛ්යාරක්ෂිත ක්රමවේද අනුගමනය කරමින් ඉගෙනුම් ක්රියාවලිය සිදුකෙරෙන බව ද ඔවුන් සඳහන් කළේය.
ඇතැම් පාසල්වල ගුරුවරුන් පැමිණීමේ අඩුවක් ද දක්නට ලැබෙන බව වාර්තා වේ.

