හැමෝම හොදින් කියල හිතනවා , සැහෙන්න කාලෙකින් ලියන්න හිතුවේ article එකක් වැඩත් එක්ක ඇත්තටම බැරි වුණා. මං අද කතා කරන්න හදන්නේ ගොඩක් අයට තියන ප්රශ්ණයක් ගැන. අපේ අද කෙල්ලෝ කොල්ලෝ බූට් කනවා සීමාවක් නැතුව. ඒ ඉතීම් බොරු ආදරයකට අහුවෙලා ගොඩක් වෙලාවට. හැගීම් වලට යට වෙලා. ඒකම කියන්නත් බැහැ ඉතීම් විවිධ හේතු තියෙන්න පුළුවන් හැබැයි ආදරේ නතර වෙන්න.
හරි වැඩි කතා නැතුව කතාවට බහිමු. ආදරේ කියන්නේ ඉක්මනට ඇති වෙනවා වගේම නැතිවෙන දෙයක්. ඒක කාටත් පොදුයි මං දකින විදියට. මොකද අපි හැමෝම මිනිස්සුනේ , ඉතිං මිනිස්සු හැමදාම එකම වගේ ඉන්නේ නැහැ එයාලා වෙනස් වෙනවා.
ඉතිං එහෙම ආදරෙන් ඉදපු දෙන්නෙක් එකපාර වෙනස් වෙද්දී අනිත් කෙනාට දරා ගන්න බැහැ , ඇත්තටම ඒක දරා ගන්න බැරි තරමට අමාරුයි තනිවෙන කෙනාට. මොකද සමහර කොල්ලෝ / කෙල්ලෝ කියල වෙනසක් නැහැ පට්ටටම ආදරේ කරනවා තමන්ගේ සහකාරයට / සහකාරිට.මට එහෙම ඕනි තරම් අය හම්බෙලා තියනවා මන් දුක අහල තියනවා අදටත් අහනවා. ජිවිතේ එහෙම තමයි. එත් මන් අද කතා කරන්න යන්නේ එහෙම දුකෙන් ඉන්න කෙනෙක්ගේ හිත හදන්න අපි කොහොමද උදව් කරන්නේ කියන එක.
මෙහෙම කරන්න , එයා එක්ක කතා කරන්න එයාගේ ප්රශ්නේ ගැන
ඔයාගේ යාළුවා තනි වෙලා ඉන්නේ එහෙම දෙයක් උනාම. එක නිසා අනිවාරෙන් එයාට කතා කරන්න එයා කියන දේවල් අහන ඉන්න. එයා තනි වෙන්න තනි වෙන්න එයට ජිවිතේ එපා වෙනවා. එතකොට තමයි මැරෙන්න හදන්නේ , බෙල්ල වැල දා ගන්න සහ විවිධ දේවල් වලට එයා යොමු වෙනවා. එහෙමත් නැත්තම් depression (විශාදය කියන මානසික තත්ත්වය). මොකද එයා තනි වෙලා. එයාට මේ දේවල් කියන්න කව්රුත් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම එයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඇත්තටම ලංකාවේ සියදිවි හානි කර ගන්න ලොකුම හේතුවක් එයා තනිවෙලා කියල දැනෙන එක.
පොඩ්ඩක් සෙට් වෙන්න
සෙට් වෙන්න කියන්නේ ඉතීම් අඩියක් ගහන්න කියන එක නෙවෙයි පොඩ්ඩක් ඇවිදින්න යන්න. පන්සල් යන්න. පන්සල් යන එක මාර සැනසීමක්. මාත් කාලයක් බූට් කාලා මාස ගානක් අඩ අඩ හිටිය, මං බූට් කාපු කාලෙම හිටියේ පන්සලේ. යාළුවෝ නම් හිතුවේ මන් මහනවෙයි කියල එච්චර සීන් එකේ ඉතීම්. ලොල්.. ඒත් කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙනවා පරිනත වෙනවා කියන්නේ එකට තමයි හික්ස් . කාලයක් යද්දී තේරෙනවා ඒ කාලේ අපරාදේ ඇඩුවේ කියල. ඔහොම තමයි , ඉතින් යාළුවාව පොඩ්ඩක් එළියට ගිහින් විනෝද වෙලා පොඩි ආතල් එකක් අරන් හිනා වෙලා ඉද්දි අර අවුල් වෙලා ඉන්න එකාට පට්ට relax එකක් දැනෙන්නේ. ඌට ඒක මාරම එකක්. ඒක නිසා යාළුවා එක්ක කොහේ හරි දුරක හෝ film එකක් බලන්න වත් යන්න.
එයාව අලුත් දේකට යොමු කරන්න
අලුත් දෙයක් කිව්වේ පොරව busy කරවන්න ඕනි මොනා හරි වැඩ ටිකක් කරවලා. වැඩක යෙදෙනවා කියන්නේ පරණ දේවල් වලට හිත යන එක නතර වෙනවා. මොකද පරණ දේවල් ගැන හිතන්න වෙලාවක් නැහැ නේ , අපි යෙදෙන වැඩෙත් එක්ක. යාළුවා අමාරුවේ වැටිලා ඉන්නවා නම් මේ දේවල් තමයි කරන්න තියන හොදම දේවල පොරව ගොඩ ගන්න.
අනික , අද කාලේ ගොඩක් අය ආදරේ කියල කරන්නේ ඇදක් උඩට ගිහින් ජින්ගි ජිකා කරණ එකට. ඇත්තටම ඒක නෙවෙයි ආදරේ. අද කාලේ ආදරේ කියන දේට වටිනා කමක් දෙන්න බැරි අය තමයි ඇදුම් මාරු කරනවා වගේ තව කෙනෙක් ළගට යන්නේ ඉන්න කෙනාව අත හැරලා. ඒ දේවල් සල්ලි නිසා ලස්සන නිසා වෙන්න පුළුවන් , එත් මතක තියා ගන්න උබ ආදරෙන් පැරදිලා අඩපු වාරයක් පාසාම උබව දාලා ගියපු කෙනා දවසක අඩනවා , විදවනවා. මොකද මං අත් දැකීමෙන් කියන්නේ.
ගිය දේවල් වලට යන්න දීපන්. ඒ දේවල් අපෙන් වෙන් වෙන්නේ අපේ හොදට අපේ වාසනාවට කියල හැම වෙලේම හිතන්න පුරුදු වෙන්න එත කොට හිත හදා ගන්න ලේසි තවත්.
මාත් කියවන්න ගත්තම කියවනවා ඉවරයක් නැහැ පොඩ්ඩක් ට්රැක් පැන්න article එකෙන් එහාට කමක් නැහැ හැමදේම ජිවිතේ අත් දැකීමක් කර ගන්න. එහෙනම් අදට නතර වෙනවා. පරිස්සමෙන් ඉදපල්ලා , යන තැනක මාස්ක් දාගෙන පළයල්ලා , අත් සෝදපල්ලා මොකද තාමත් කොරෝ මල්ලී සැරි සරනවා.
පරිස්සමෙන් බුදු සරණයි
ධනුජය රත්නායක

