බස්නාහිරින් පැන ගිය පුද්ගලයින් සොයා මෙහෙයුමක්

ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කළ පසු බස්නාහිරින් පැන ගිය පුද්ගලයින් සොයා මෙහෙයුමක් බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම පළාතින් බැහැරට ගිය පුද්ගලයින් සොයා පොලීසිය මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා. ඒ අනුව බස්නාහිර පළාතෙන් පිට පළාත්වල ලැගුම්හල්, නවාතැන්පලවල් ඇතුලු විවිධ ස්ථාන මේ වනවිටත් පරීක්ෂා කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතටම නිරෝධායන නීතිය පැනවූ අතර, කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 5 කටද ඇඳිරි නීතිය මේ වනවිට ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශ දැඩි පාළු ස්වභාවයක් ගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.