නුවරඑළියේ විනෝද චාරිකා පැමිණෙන අයට වැඩ වරදී

රටේ උද්ගතවී ඇති කොවිඩ් නයින්ටීන් වෛරස තත්ත්වය හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු නුවරඑළියේ විනෝද චාරිකා පැමිණීමෙන් වැළකි සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.


එසේ පැමිණෙන පුද්ගලයින් හට නිරෝධායන නීති අනුව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.