හපුතලෙන් කොරෝනා ආසාදිතයින් 5ක් හමුවෙයි

හපුතලේ ප්‍රදේශයෙන් මේ වන විට නව කොරෝනා වෛරස ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ.

අද (27) දිනයේ දී හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් නව ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වූ බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.