ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ගණන 37,724,073ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද අලුයම වාර්තා කර තිබෙනවා. එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ ගණන 1,078446ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 26,187,916කට ආසන්න පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

