4 කට කොරෝනා – ප්‍රතිකාර ලබන ගණන 150 – සුවය ලැබූ ගණන 3,186

විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි සිව්දෙනෙක් කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට දී මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,349ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතයින් 150ක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පවසති.

සුවය ලැබූ 28 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව සුවය ලැබු සමස්ථ ගණන 3,186කි.