කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් 8 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2646ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊජිප්තුවේ සිට පැමිණි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයෙතු ඊයේ දිනයේ දී ආසාදිතයෙක් ලෙස හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2881ක් දක්වා ඉහළ ගියේය.
මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 224 දෙනෙකු රෝහල් ගත ව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

