රුසියාවේ නිෂ්පාදනය කළ කොවිඩ් එන්නත රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ගේ දියණියට ලබා දී තිබේ.
ඒ, එම රටෙහි නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලැබීමෙන් පසුවය.
එම එන්නත නිෂ්පාදනය මොස්කව් හි පිහිටි ගැමාලෙයා ආයතනය මගින් සිදුකර තිබේ.
“මෙය ස්පුට්නික් වැනි අවස්ථාවක්,” බව එම ව්‍යාපෘතියට මූල්‍ය දායකත්වය සැපයු අරමුදලේ ප්‍රධානියා පැවසීය.
කොවිඩ් සඳහා නිෂ්පාදනය වූ ලොව එකම සාර්ථක එන්නත ද මෙය වේ.
රුසියානු ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ඩීම් ටාරසෝව් පවසන්නේ, කොවිඩ් වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත නිපදවීමට රුසියාව සමත්වීම සම්බන්ධයෙන් බටහිර රටවල් පුදුමයට පත්ව ඇති බවය.

