අද (11) දිනය තුළදී මේ දක්වා කොරෝනා වෛරස ආසාදිතයින් 9 දෙනෙක් හමු වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
මීට ස්වල්ප වේලාවකට පෙර, ඉන් ආසාදිතයින් තිදෙනෙක් පිළිබඳ ව තොරතුරු වාර්තා විය. ඔවුන් සෞදි අරාබිය, ඉන්දුනීසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නැවත පැමිණ ඇති අය බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.
ඒ අනුව මේ වනවිට මෙරටදී හමුවී ඇති මුළු කොරෝනා ආසාදිත රෝගීන් ගණන 2,880කි.
මීට පෙර හමු වූ කොරෝනා ආසාදිතයින් අතුරින් දෙදෙනෙක් ඉන්දුනීසියාවේ සිට නැවත පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වන අතර අනෙක් සිව් දෙනා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි අය වේ.

