මයික්‍රොසොෆ්ට් හි එක්සත් ජනපද ශ්‍රම බලකායට අවම වශයෙන් ජනවාරි 19දා දක්වා නිවසේ සිට වැඩ කිරීමේ අවස්ථාව ලබා දී ඇති බව සමාගම නිවේදනය කරයි. ඇමෙරිකාවේ ප්‍රධාන වියාපාර දිගු වසංගතයක් සඳහා සූදානම් වන බවට මෙම නවතම සංඥාව සලකුණු කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මයික්‍රොසොෆ්ට් සමාගම සහ ගූගල් සමාගමද මේ මස මුලදී කියා සිටියේ තම සේවකයින්ට බොහෝදුරට 2021 ජුනි මස අවසානය දක්වා දුරස්ථව වැඩ කිරීමට ඉඩ දෙන බවයි.

