රෝහලෙන් පැන ගිය ආසාදිතයා ගැන ත්‍රීරෝද රථ රියදුරු කියපු දේ

අද (24) අලුයම අංගොඩ බෝවන රෝග විද්‍යායතනයෙන් පලා ගිය කොවිඩ් නයින්ටීන් ආසාදිතයා අද පෙරවරුවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ බාරයට ගැනුණි.

ඒ පෙරවරු 10ට පමණ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගි අංශය අසළදී ය.

ආසාදිතයා රෝහලෙන් පලායෑමෙන් පසු පළමුව පැමිණ ඇත්තේ, පිටකොටුව ප්‍රදේශයට ය.

එතැන් සිට ඔහු ත්‍රිරෝද රථයකින් ජාතික රෝහල අසළට පැමිණ තිබුණි.

එහි ගිය වාර්තාකරුවන් ට ත්‍රීරෝද රථ රියදුරු කියා සිටියේ මෙවැනි දෙයකි.

වාර්තාකරු – මෙයා කොහේදී ද ත්‍රීරෝද රථයට ගොඩ වුණේ ? 

ත්‍රීරෝද රථ රියදුරු – “කොටුවෙන්, කෙලින් විථීයෙන්.“

වාර්තාකරු – සල්ලි දුන්නා ද ?

ත්‍රීරෝද රථ රියදුරු – “සල්ලි දුන්නේ නැහැ.“

වාර්තාකරු – කොහේට ද යමු කිව්වේ?

ත්‍රීරෝද රථ රියදුරු – “පොඩි රෝහලකට යමු කිව්වා ඒක වහලා තිබුණ නිසා ජාතික රෝහල යමු කිව්වා.“

වාර්තාකරු – ඔයාට මොකුත් හිතුනේ නැද්ද? 

ත්‍රීරෝද රථ රියදුරු – “ඒයා කිව්වේ කකුල අමාරුයි කියලා විතරයි.“

වාර්තාකරු – කීයට විතර ද ත්‍රීරෝද රථයට ගොඩ වුණේ ?

ත්‍රීරෝද රථ රියදුරු – “කෙලින් විථීයෙන් 9.30ට විතර.“

වාර්තාකරු – වෙන කොහේ ට හරි ගියාද ? 

ත්‍රීරෝද රථ රියදුරු – “කෙළින්ම මෙහාට ආවේ. මම ත්‍රීරෝද රථ දුවන්නේ කොළඹ කොටුවේ කෙලින් විථීයෙන්“

අද දෙරණ