කටාර්හි සිරවී සිටි ලාංකිකයින් 12ක් දිවයිනට

කොරෝනා හේතුවෙන් කටාර්හි දෝහා අගනුවර සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙක් අද අලුයම දිවයිනට පැමිණියහ.

කටුනායක ගුවන් තොටුපළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි.

අනතුරුව , දින 14 ක් නිරෝධායනය සඳහා යොමු කරනු ඇති.

මේ අතර නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 14 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

යුද හමුදාව සඳහන් කළේ, පුද්ගලයින් 25,794 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවයි.

මධ්‍යස්ථාන 44 ක පුද්ගලයින් 4,535 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදාව ප්‍රකාශ කළේ ය.