විදෙස්ගතව සිටි පිරිසක් ලංකාවට

විදේශයන් හි රැඳී සිටි පිරිසක් අද (23) උදෑසන දිවයිනට පැමිණි බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව අබුඩාබී සිටි එක් පුද්ගලයෙක්, දෝහා සිට පුද්ගලයින් 29 දෙනෙක් හා චෙන්නායි සිට පුද්ගලයින් 14ක් දිවයිනට පැමිණ තිබේ.

මෙසේ පැමිණි සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කර ඇතැයි ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.