බස්නාහිර, සබරගමුව , මධ්‍යම සහ දකුණු යන පළාත්වලට වැසී

බස්නාහිර පළාත ඇතුළු පළාත් හතරකට අද දිනයේ සිට කඩින් කඩ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව , මධ්‍යම සහ දකුණු යන පළාත්වලට මෙලෙස වැසි ඇතිවිය හැකි බවද, එක් වරකදී මිනිත්තු 10ත් 15ත් අතර කාලයක් අඛණ්ඩව වැසි ඇද හැලෙන බවද සඳහන්.