එක් දිනයකදී සිදුකළ වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ සිදු කරයි

ශ්‍රී ලංකාවේ එක් දිනයකදී සිදුකළ වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනයේදී සිදුකර තිබෙනවා.

එය සටහන් වූයේ පරීක්ෂණ 2,470 ක් ලෙසයි.

ඒ අනුව මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ 130,000 ක් (එක්ලක්ෂ තිස් දහසක්) රට තුළ සිදුකර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.