එංගලන්තයේ රැදී සිටි ශ්‍රි ලාංකිකයන් 234 දෙනෙකු රැගෙන ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (11) උදෑසන ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ , මෙම පිරිස අතර එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි සහ එරට විවිධ වෘත්තීන් හි නියැලී සිටි ශ්‍රි ලාංකිකයන් ද සිටියි.
මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන විශේෂ ගුවන් යානයෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළේ සිට 7/11 දින උදෑසන 8.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

