සියලු පාසල් හෙට සිට විවෘත කෙරේ

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු සියලු පාසල් හෙට (29) සිට විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පළමු අදියර ලෙස හෙට සිට විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලුම පාසල් විවෘත කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අංශ ලබා දුන් චක්‍රලේඛය සහ මාර්ගෝපදේශයට අනුව පාසල් විවෘත කිරීම සිදුකරන බවයි එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පැවසුවේ.

පාසල් වෙත ළමුන් ගෙන්වීම ලබන මස 06 වනදා සිට ආරම්භ කිරිමට නියමිතයි.