පාකිස්තාන රජය විසින් මෙරට සිසුන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඉංජිනේරු, වෛද්‍ය ඇතුළු වෙනත් උපාධි සඳහා අවුරුද්දකට සිසුන් 200 දෙනෙකුට පමණ ඒ ඔස්සේ උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාව සැළසෙන බව අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
උසස් පෙළ විභාගය සමත් වී විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට නොහැකි වූ සිසුන්ට ඒ සදහා ඉල්ලුම් කළ හැකි බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

