අගමැතිට මහින්දට තැපෑලෙන් ලැබුණු රුපියල් 5000

රුපියල් 5000 ක නෝට්ටුවක් ඇතුළත් කළ ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත, ලැබී තිබෙනවා.

එය එවා තිබුණේ පොළොන්නරුව – මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි වියේ පසුවන එස්.බී.හේවාහැට නම් හිටපු ගම්සභා සභිකයෙක්.

‘‘අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම’’ යනුවෙන් සඳහන් කර ඊයේ අරලියගහ මන්දිරයට ලැබුණු අදාළ ලිපිය ආරක්ෂක නිලධාරින් විසින් අග්‍රාමාත්‍යවරයා අතට ගෙනවිත් භාර දී තිබෙනවා.

ඔහු මෙය ඒවා ඇත්තේ, කොරෝනා අරමුදල සඳහා මෙම මුදල බැරකර, රෝගීවී එක්තැන්ව සිටින තමන්ව ද එම පිංකමට සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලමින්.