පෙරේදා (09) රාත්‍රී 10ට පමණ අදික වේගයෙන් පැමිණි මිනී කූපර් රථයක් කන්ටේනරයක ගැටීමෙන් අමල් කුමාර නමැති අවුරුදු 22ක තරුණයෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඔහු කැළණියේ ගෝනවල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවට තහහුරු වී තිබෙනවා.
කැළණියේ සම්පත් බැංකුව අසළ දී මේ අනතුර සිදු වී ඇති අතර අනතුර වෙද්දී කාර් රථය 100-120 අතර වේගයකින් දාවනය වී ඇති බවත් කැලණිය පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා. අනතුර සිදු වී තුවාලකරු රෝහල වෙත ගෙන යන අතරමග තරුණයා ජිවිතක්ෂයට පත් වී තිබෙන බවත් ඉරෝෂ් දන්දෙණිය මහතා වැඩි දුරටත් සදහන් කලා.
Photos – දිනුර සොනල් / ඉරෝෂ්
ධනුජය රත්නායක








